
තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලවූ කුසල් ජනිත් පෙරේරාට වසර 4ක තරඟ තහනමක් පැනවීමට ICC තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් ඔහුගේ තරඟ තහනම් කාලය අඩුකර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර කුසල් ජනිත්ගේ B සාම්පල වාර්තාද ICC විසින් පරීක්ෂා කරනු ලැබුවා. එයින් හෝ ඔහුගේ තරඟ තහනමට යම් සහනයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු තබා සිටියත් මෙම නිවේදනයත් සමඟින් එම සිහිනයද දැන් බොදව ගොස් තිබෙනවා.
0 comments :
Post a Comment