100 ක් පස් යට - අරණායක මෙහෙයුම් නවතයි  

100 ක් පස් යට - අරණායක මෙහෙයුම් නවතයි  

අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් සෙවීමේ කටයුතු සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව යුද හමුදාව පවසයි.

විටින් විට නාය යාමත්, අයහපත් කාලගුණයත් නිසා අතුරුදන් වූ 100කගේ පමණ සිරුරු සොයාගත නොහැකි වී තිබේ.

හත්ගම්පොළ පාසලේ දී ලබන 02 වැනි දා උදෑසන 08.00 ට යුද හමුදාව, පොලිසිය, ආපදා කළමණාකරණ ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය, ගම්වාසීන්ගේද සහයෝගයෙන් මියගිය පුද්ගලයින් සඳහා පාංශුකූලය දී මහා සංඝරත්නයේ 60 නමකට දානයක් පිරිනැමීමට සූදානම් කර ඇතැයි යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසී ය.

මෙම සිද්ධියෙන් සිරුරු 35 ක් සොයා ගැනිණි. ඒ අතර පාසල් සිසුන් 11 දෙනෙකුගේ සිරුරු විය. අඩු ගණනේ සිසුන් 25 දෙනෙකුවත් පසුගිය 17 වැනිදා නාය යාමෙන් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment