කොත්මලේ වාන් දොරටු 4ක් විවෘතයි (PHOTOS)

කොත්මලේ වාන් දොරටු 4ක් විවෘතයි (PHOTOS)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 04ක් ඊයේ (15) දහවල් සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීම නිසා සෙන්ට්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කොත්මලේ වේල්ල භාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ තවදුරටත් වර්ෂාව අඛන්ඩව පැවතියහොත් එම ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වංක්‍රීයව විවෘත වනු ඇති බවයි.

ජලාශයේ වාන් දොරටු මෙලෙස විවෘත වීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ද සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් කොත්මලා ඔය පරිහරණය කරන ජනතාවට ඉහළ යන ජල මට්ටම පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස නුවරඑළිය ආපදා කළමණාකරන ඒකකය ඉල්ලා සිටී.

අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟම හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේත් ඝන මීදුම් තත්ත්වය තවදුරටත් පවතින නිසා එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

ඡායාරූප පහතින්.

 

හැටන් - රංජිත් රාජපක‍්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment