උගන්ඩා ජනපති දිවුරුම්දීමේ උත්සවයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ගියේ එරටින් ලද නිල ආරාධනයකට අනූව බවත් ඒ සඳහා විදේශ අමාත්‍යංශය රුපියල් හාරලක්ෂ විසිපන්දහසක මුදලක් ගුවන් ටිකට් පත වෙනුවෙන් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ කොළඹදී අද(16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.
හිටපු ජනපතිවරයෙකු ලෙස ඔහුට හිමි වරප්‍රසාද ලැබී ඇති බවත් පාර්ලිමේන්තුව පවා එම වරප්‍රසාද තහවුරු කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
උගන්ඩාවේදී උදයංග වීරතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවුණ බවට පැතිර යන ආරංචි ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ එරට සිටින සියලු ලාංකිකයින් පැමිණ රාජපක්ෂ මහතා හමුවූ බවයි.
මේ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා ගමනට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මුදල් ලබාදීම පිළිබඳ කිසිවක් තමාට ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශවරියගෙන් විමසන ලෙසත්ය.
මේ පිළිබඳ පිළිතුරු දීමට තමා සතුව විස්තර නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ දූත මණ්ඩල අංශයෙන් තමා මේ පිළිබඳ විමසුවද මෙතෙක් එම විස්තර නොලැබුණු බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන මහේෂි කොලොන්න මහත්මිය ප්‍රකාශ කර තිබේ.
0 comments :
Post a Comment