උතුරු මැද මුල් පුටුවලට අධිකරණයෙන් කැඳවීමක්

උතුරු මැද මුල් පුටුවලට අධිකරණයෙන් කැඳවීමක්

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, එම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

වාර්තා වන අන්දමට අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා විසිනි.

රජයේ සහ උතුරු මැද පළාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් දේශපාලන හිතවතුන්ට අයථා ලෙස ලබාදෙමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ සෙසු නිලධාරීන් රජයේ මුදල් අවභාවිත කරන බවට එම අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.
 
එම පෙත්සමෙන් දක්වා ඇත්තේ වගඋත්තරකරුවන්ගේ වංචනික ක්‍රියා වැළැක්වීම සඳහා මධ්‍යම රජය විසින් චක්‍රලේඛ ගණනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් නීතිමය තත්ත්වයන් නොසලකා හරිමින් වගඋත්තරකරුවන් කටයුතු කරන බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment