නොර්වේ විදෙස් රාජ්‍ය ලේකම් දිවයිනට

නොර්වේ විදෙස් රාජ්‍ය ලේකම් දිවයිනට

නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා තෙදින නිළ සංචාරයක් සදහා අද (31) දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ මහතා පළමුව මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ටෝර් හැට්‍රම් මහතා මෙරට රැඳී සිටින දින 3ක කාලය තුළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, අමාත්‍යවරුන් වන  මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් යන මහත්වරුන් සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඊට අමතරව ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා සමග ද රා‍ජ්‍ය විදේශ ලේකම්වරයා සාකච්ඡා කරනු ඇත.

හෙට (01) දිනයේ ඔහු යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රේජිනෝල්ඩ් කුරේ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡාවල නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

නොර්වේ විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා 2007, 2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment