අරලියගහ මැදුරේදී තමාව අපහසුතාවට පත්කළ හැටි ජනපති හෙළිකරයි

අරලියගහ මැදුරේදී තමාව අපහසුතාවට පත්කළ හැටි ජනපති හෙළිකරයි

පසුගිය රජය සමයේදී ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරුන් අරලියගහ මන්දිරයට ගෙනැවිත් තමා අපහසුතාවට පත්කළ සිදුවීමක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) හෙළි කළේය.

ලෝක දුම්කොළ විරෝධී දිනය සමරමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය.

"රටේ තියෙන දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරු අරලියගහ මන්දිරයට ගෙනල්ලා පුටුවල ඉඳගෙන ඉන්න එම අධ්‍යක්ෂවරු ඉස්සරහ මට හිටගෙන උත්තර දෙන්න සිද්ධ වුණා. සිගරට් පැකැට්වලට සියයට අසූවේ සෞඛ්‍යමය අවවාදය ඇතුළත් කිරීමේ හේතු පැහැදිලි කිරීම සඳහා මාව එදා වගඋත්තරකාරයෙක් බවට පත්වුණා. මෙය අන්තර්ජාතික වශයෙන් කරන කාර්යයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණයක්, ඇතැම් රටවල් අපටත් එහා ගිහිං තිබෙනවා කියලා මම කියා සිටියා. මෙම කාරණය ජයගැනීම සඳහා මට අධිකරණයට ගිහින් බංකුවල වාඩිවෙලා පවා ඉන්න සිද්ධ වුණා"  

"විදේශීය රටවල මහා ධනස්කන්ධ ඇතිවෙලා තිබෙන දුම්කොළ සමාගම් අපේ රටෙත් මුල්බැහැලා. ලංකා දුම්කොළ සමාගම කියලා ඒ සමාගමට උප්පැන්නයක් දීලා තිබෙනවා. නමුත් ඒක ලංකා දුම්කොළ සමාගම නොවන බව ඔබ අප කවුරුත් දන්නවා. ඒකෙ අයිතිකාරයෝ, කොටස්කාරයෝ, හිමිකාරයෝ ලංකාවෙ අය නොවෙයි. ඒ රටවල් කවුද කියලා ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ විදියට අපේ රටේ නාමය ඇතුළත් කරලා එයින් මුලාකිරීමක් කරන්නේ" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment