රාජගිරියේ රිය අනතුරක සිද්ධියකට විජිත හේරත් ඇප මත මුදාහරී

රාජගිරියේ රිය අනතුරක සිද්ධියකට විජිත හේරත් ඇප මත මුදාහරී

රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඊයේ (30) රාත්‍රී මන්ත්‍රීවරයා ගමන්ගත් රථය මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී ඇති බව පොලීසිය පැවසී ය.

එහිදී එම දුරකථන කණුව කඩා වැටී ඇති අතර මන්ත්‍රීවරයාගේ රථයට ද හානී සිදුවි ඇති බව වාර්තා වේ. ඒ අනුව සිද්ධියට අදාළව විජිත හේරත් මන්ත්‍රීවරයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (31) පෙරවරුවේ ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව හෙට (01) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment