බදු බරට එරෙහිව ජවිපෙ අත්පත්‍රිකා බෙදයි (PHOTOS)

බදු බරට එරෙහිව ජවිපෙ අත්පත්‍රිකා බෙදයි (PHOTOS)

වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධාරණ ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාව මත දරාගත නොහැකි බදු බරක් පටවා ඇති බවත් පවසමින් ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජනතාව මත පැටවීමට විරෝධය දක්වමින් "ජනතාව මත පටවන අසාධාරණ බදු බරට එරෙහිව සටන් කරමු" යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පිරිසක් ඊයේ (30) කොළඹ කොටුව දුම්රියපොළේ දී සිදුකළේය. 

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා "අපි කවුරුත් දන්නවා ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කළා. ඒ බදු ප්‍රතිපත්තියෙන් මාස තුනක් යෑමට පෙර අලුතෙන් බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිද්ධ වෙලා තිබෙනවා. අපි දන්නවා ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා තියෙනවා. ඒ ආණ්ඩුව මුහුණ පා ඇති දැවැන්ත ආර්ථික අර්බුදය ජනතාවට පටවන්න තමයි දැන් ආණ්ඩුව කටයුතු කරගෙන යන්නේ" යි පැවසීය.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාදේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත මහතාසුනිල් හඳුන්නෙත්ති මහතා යන මහත්වරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන මහින්ද ජයසිංහ මහතා ,සරත් පතිරණ මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එම ඡායාරූප පහතින්.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment