නැගෙනහිර මහඇමති ගැන කියූ නිසා කමිටු රැස්වීමේ ඇති වූ කළබලය (VIDEO)

නැගෙනහිර මහඇමති ගැන කියූ නිසා කමිටු රැස්වීමේ ඇති වූ කළබලය (VIDEO)

අද (30) පැවැත්වුණු ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් හටගත්තේ ය.

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් පසුගිය දා නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැනවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්වය හටගෙන තිබේ.

අදාළ රැස්වීමට ත්‍රිවිධ හමුදා නිළධාරීන් සහභාගී වීමට නියමිතව තිබූ නමුත් අද දින ඔවුන් නොපැමිණ සිටි අතර එම කරුණ පිළිබඳවත් පසුගිය දා සිදු වූ සිදුවීම පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිළමේ මහතා අදහස් පළ කිරීමත් සමග මෙම කළබලකාරී වාතාවරණය හටගෙන ඇත.

මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති වූයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතා සහ නැගෙනහිර පළාත් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් අතර බව යි වාර්තා වන්නේ.

වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment