2014 - 2015 මහපොළ ලැබී නෑ

2014 - 2015 මහපොළ ලැබී නෑ

රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2014- 2015 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් බඳවාගත් කිසිදු ශිෂ්‍යයෙකුට මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබාදී නැති බවට අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය චෝදනා කරයි.

එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ප්‍රකාශ කළේ මෙම ශිෂ්‍ය කණ්ඩායම 2016 වසරේ ජනවාරි මාසයේ සිට විශ්වවිද්‍යාලවලට බඳවාගත් බවත් මහපොළ ශිෂ්‍යාධාර ලබදෙන්නේ දුප්පත් පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බවත්ය.

එසේ තිබියදී එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යාධාර නොලැබීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔහු පැවසූ ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල් වහාම ශිෂ්‍යයින් වෙත ලබාදෙන ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරසේකර මහතා කියාසිටියේ 2017 වසරට අදාළ බඳවාගැනීම් මෙම වසරේ නොවැම්බර් මාසයේදී සිදුකරන බැවින් ලබන මාසය ඇතුළතදී හිඟ වාරික ද ඇතුළව අදාළ මුදල් ශිෂ්‍යයින් වෙත ලබාදියයුතු බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment