බීර සමාගමකට මාස 4ක බදු සහනයක් - මුදල් ඇමැතිට නොතිසී

බීර සමාගමකට මාස 4ක බදු සහනයක් - මුදල් ඇමැතිට නොතිසී

ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු බීර සමාගම් 4කට රුපියල් කොා්ටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය.

මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ  මෙම පෙත්සම කැඳවිණි.

අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment