රමිත් රමුක්වැල්ලට තාවකාලිකව වාහන පැදවීම තහනම්


පසුගියදා නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා 05ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර


නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි.

එම චෝදනා වලින් පළමු චෝදනා දෙකට තමා වරදකරු බව රමිත් රඹුක්වැල්ල අධිකරණයේ දී පිළිගත් අතර අනෙක් චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සිදුවූ වේලාවේ සිදුකළ බැලූන් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් අනතුරින් පැය දෙකකට පමණ පසු තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඔහු ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ඇල්කොහොල් ගඳ වහනය වූ බව එම වාර්තාවේ සඳහන් ව ඇති බවත් ය.
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිද්ධියවූ දිනයට පෙර දින රාත්‍රී කොල්ලුපිටියේ සමාජ ශාලාවක සාදයකට සහභාගීවී බීමත්ව ඇති අතර පසුවදා පාන්දර නිවසට යාමේදී මෙම අනතුර සිදුවිය.
පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. තාවකාලිකව නෙවෙයි මේ මදාවියාගේ බලපත්‍රය සදාකාලිකව අත්හිටවිය යුතුයි.

    ReplyDelete