රවි,අර්ජුනගේ ඉඟුරු කඩේ සුරේෂ් FCID යට කප්පම් දෙයි -නාමල්,යෝෂිත,රෝහිත අල්ලන්න නව මෙහෙයුමක්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙන්ම වරාය අමාත්‍ය අර්ජුන රණතුංගගේ කලු සල්ලි මාෆියාකරු වන වරාය අධ්‍යක්ෂක ධුරයක් දරණ “එදිරිසිංහ ස්පෙයාර් පාට්ස්” හි එදිරිසිංහ ගේ පුත් සුරේෂ් එදිරිසිංහ සම්බන්ධයෙන් සිදුකරන FCID පරික්ෂණ නතර කර දැමිමටනම් ඒ සදහා කප්පමක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි ලබාදිමට සුරේෂ් එදිරිසිංහ එකඟතාවක් ඇති කරගෙන ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන  රෝහිත රාජපක්ෂ,යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ රජයේ වාහන අවභාවිතාව යටතේ අත් අඩංගුවට ගැනිමට මෙහෙයුම් දියත් කර තිබේ.මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා පාවිච්චිකළ වාහන සම්බන්ධයෙන් සුරේෂ් එදිරිසිංහ නැමැත්තා විසින් FCID යට ලබාදී ඇති කප්පම් ප්‍රකාශයක් මත මෙම අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඉතාමත් නුදුරු දිනකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට ද වාහන අවභාවිතව සම්බන්ධ චෝදනාවක් එල්ලවී ඇති අතර ඒ අනුව ඔහුව ද ළඟදීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙන්ම වරාය අමාත්‍ය අර්ජුන රණතුංගගේ කලු සල්ලි මාෆියාකරු වන වරාය අධ්‍යක්ෂක ධුරයක් දරණ “එදිරිසිංහ ස්පෙයාර් පාට්ස්” හි එදිරිසිංහ ගේ පුත් සුරේෂ් එදිරිසිංහගේ ඔස්ට්‍රේලියානු සගයා අත් අඩංගුවට ගැනිමට FCID ය කටයුතු කල අතර රවි සහ අර්ජුන එක්ව ඔහු බේරාගැනීමට කටයුතු කල අතර ඒ  වෙනුවට අදාල අසත්‍ය සාක්ෂි ලබාදිමට  සුරේෂ් එදිරිසිංහ කටයුතු කර තිබේ.

එදිරිසිංහ මෝටර්ස් හිමිකරුගේ පුතෙකු වන සුරේෂ් එදිරිසිංහ (සුරේෂ් බඩා), වරාය ඇමති අර්ජුනගේ ගජයෙක් වන අතර මේ යාළුකම තරමක් පැරණි එකක්ද වනවා.යහපාලනය උදාවිමත් සමග මෛත්‍රී පාලනය හරහා අර්ජුනට සෙට් වු සුරේෂ් බඩා එම යාලුකම අලුත් කර ගත්තේ අර්ජුන සුරේෂ්ගේ බිරිය හොර අඹුකමට ගැනිම හරහාය. ඒ හරහා සුරේෂ්ට වරායේ අධ්‍යක්ෂ ධූරයක් ද ලබාගැනීමට සමත් විය.

සුරේෂ් අර්ජුණ ළඟින්ම ඉඳ ‘අයියා‘ නමින් ආමන්ත්‍රණය කරමින් බලා සිටින්නන්ට ඔවුන්ගේ ළඟ ඇසුර පෙන්වා ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යයි. සුරේෂ්ද කාන්තාවන්ට ඉතාම ලොල් තැනැත්තකු වන අතර ඔහු අර්ජුණ ‘අයියා‘ටද රිසි සේ කාන්තාවන් රැගෙන විත් දෙනු ලබයි. අර්ජුනත් නිකන් කන්න බොන්න රුසියකු වන අතර මෙම දොලපිදේනි ලබාගෙන ඔවුන්ට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ ලබා දී ඇත. සුරේෂ් අර්ජුනගේ වරායේ නිල නිවස වන හිල්හවුස් නිවසේදී නිතර දැක ගත හැකිය.

සුරේෂ් එදිරිසිංහ යනු ඉඟුරු කඩේ හන්දියේ ඇති එදිරිසිංහ ඔටෝකෝට් සමාගමේ අයිතිකරුගේ වැඩිමල් පුත්‍රයා වන සුරේෂ් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අත දිගහැර වියදම් කරන අයෙකු වන අතර යහපාලනය උදා විමට පෙරසිටම රවි කරුණානායකගේද සමිප ගජයෙකි.රවිට මුදල් ඇමතිකම් ලැබිමත් සමග සිය මාෆියා කටයුතු පුලුල් කල සුරේෂ් මුදල් අමාත්‍යංශයටද අත තිබ්බේ රවිගේ මාෆියා වැඩ සදහා සහය ලබා දිම හරහාය.



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment