මට්ටක්කුලිය 4 ක් මැරූ කුඩු රොෂාන් ඇතුළු කල්ලිය රත්නපුරෙන් හසුවේ


පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමට ප්‍රධාන සැකකරු වූ එම සිද්ධියෙන් පසු පළාගොස් සැඟව සිටි පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 11ක් ගිනි අවි සමග රත්නපුර
ප්‍රදේශයේදී අත්අඩංගුවට

ගෙන තිබෙයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රත්නපුර,ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොවුන් සමග ටී.56 අවියක් සහ පිස්තෝල දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.
පාර්ශව දෙකක් අතර කාලයක් තිස්සේ දිග්ගැසුණු ආරාවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බව මූලික ‍ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අද (26) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment