සිංහල බෑ කියූ යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කරයි

සිංහල බෑ කියූ යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, තම සංගමය වෙත උතුරු ආණ්ඩුකාරවරයා වන රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් එවන ලද ලිපියක් යළි ඒ මහතා වෙත ලැබීමට සලස්වා තිබුණි.

ඒ සිංහල බසින් ලියා ඇති එම ලිපිය සහ ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇති කාරණය තමන්ට නොවැටහෙන බව සඳහන් කරමිනි.

නමුත් පසුගියදා සිදුවූ ශිෂ්‍ය ඝාතනය පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ වාර්තාව සිංහල බසින් ලියා ඇති අතර එයට අදාළ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තම අත්සන යොදා තිබිණි.

පසුගියදා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙනගිය විරෝධතාවය පිළිබඳවත් ඔවුන් සහ ආචාර්ය මණ්ඩලය තමාට භාරදුන් පෙත්සම් කිහිපයක් පිළිබඳවත් ජනාධිපතිවරයාට දන්වා ආණ්ඩුකාරවරයා විසින් මෙම ලිපිය යවා ඇත.

ආණ්ඩුකාරවරයා විසින් එහි පිටපත් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයටත්, නීති පීඨ ශිෂ්‍ය සංගමයටත්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයටත් ලැබීමට සලස්වා තිබේ. 

කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් මහතා එය යළි ආණ්ඩුකාරවරයා වෙත ලැබීමට සලස්වා ඇත්තේ, (We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil) ඔබ පවසන දේ පිළබඳව අපට නොවැටහෙන බවත් අප කීමට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ නිල භාෂාවන් වන්නේ සිංහල සහ දෙමළ භාෂාව බවත්ය.

එම සංගමය විසින් අත්සන් තැබූ ලිපිය සහ යළි ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපි පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment