සිලාවතුරෙන් ගොඩබිමට ආ ත්‍රස්තවාදීන්ගේ ගිනී අවි!

පසුගියදා , සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට හදුනානොගත් කණ්ඩායමක් පහරදිම සහ එක් නාවික හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් පැය ගණනාවක් රදවාගෙන තබා ගැනිම ඇතුලු සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරන ලද අනාවරණය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් තීගෑස්මකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී මෙම පහරදිම සිදු වුනා.

කේරල ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් බෝට්ටු මගින් රැගෙන එමින් සිටියදි මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක විසින් ඔහු අල්ලා ගැනිමට කටයුතු කිරිමත් සමග පසුගිය  (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් නාවික හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට කටයුතු කල බවට වාර්තා පලවුවද අදාළ බොට්ටු හරහා රැගෙන විත් ඇත්තේ කේරල ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පමණක් නොව T56 වර්ගයේ ගිනී අවි ඇතුලු ආයුධ රැසක් බව හමුදා බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු කර ඇති අතර අදාළ ආයුධ තොගය හසුවිම වලක්වා ගැනිම සදහා බෝට්ටු රැගෙන ආ කණ්ඩායම ගම්වාසීන් කුලප්පු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

නාවික හමුදා සේබළුන් තිදෙනාට එල්ල වු අනපේක්ෂිත ප්‍රහාරයත් ගම්වාසීන් කුලප්පු කරමින් සිද්ධිය වෙනතකට යොමුකර ඇති අතර පසුව පොලිසිය කල සෝදිසි මෙහෙයුමකදි ගොඩබිමට පැමිණි බොට්ටු කිසිවක් එම ස්ථානයේ තිබි නැති බවද තහවුරු වි තිබේ.

අදාළ වාර්තාව හරහා  හමුදා බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ ඉන්දීයානු මුහුදු සීමාවේ නතරකර ඇති නෞකාවවක සිට අදාළ ආයුධ මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය මන්නාරම මුහුදු සීමාව හරහා රටතුලට රැගෙන එන බවයි.අදාළ අවි නෞකාව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි හමුදා බුද්ධි අංශ මගින් ආරක්ෂක මණ්ඩලයට වාර්තා සපයා ඇතී නමුත් එය කිසිදු ගණනකට ගෙන නැති බවයි අප ආරක්ෂක වාර්තාකරු සදහන් කළේ.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් මෙම ආයුධ නෞකාව සපයා ඇති බවට බුද්ධි අංශ සැක කරන අතර ඒ පිළිබඳව ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි ආසෝ ඛාන් (Aazo Khan) තොරතුරු අනාවරණය කර ගැනිමට කටයුතු කරමින් සිටි.

දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.

විශේෂයෙන්ම “ආවා ගෲප්” නමැති පාතාල කණ්‌ඩායම සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය පතුරුවා හරිමින් සිටිති.

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල කරනු ලැබුවේ තම කල්ලිය විසින් බවත් එය සිදුකරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු ඝාතනය කිරීමට එකට එක කිරීමක්‌ ලෙස බවත් කියමින් ආවා ගෲප් කල්ලිය යාපනය නගරය පුරා අත් පත්‍රිකා බෙදාහැර තිබිණි.

ආවා ගෲප් කල්ලිය අත් පත්‍රිකා බෙදූ බව කියන සිද්ධිය පොලිසිය ප්‍රතික්‍ෂේප කරන අතර ඔවුන් පවසන්නේ යාපනය ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කිරීමට සංවිධානාත්මක පිරිසක්‌ මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

පර දෙමළාගේ ප්‍රහාරයට ලක්වු නාවික සෙබළුන්ට වරද පිලි ගන්නයි ආරක්ෂක ප්‍රධානින්ගෙන් බලපෑම්

“යකෝ දැන් පුපුරනවා, අම්මට …..(Digital?) නැතුව මෙතනින් දුවපියව්” අති විශේෂ හෙළිදරව්ව

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment