ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රි ලංකා‍වේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා වන හෙයින්ස් වෝල්කර් නෙඩෙර්කොර්න් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (26) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදුවිය. 

මෙම වසර අවසානයේ ආරක්ෂක ප්‍රතිපත්ති සදහා වන ජිනිවා මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේදී පැවැත්විමට නියමිත ජාත්‍යන්තර ආරක්ෂක උපදේශකයින්ගේ සමුළුව පිළිබදව මුලිකව වැදගත් වන කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කොට තිබේ.

එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා මෙහිදී සුහදත්වය සංකේතවත් කරමින් ස්විට්සර්ලන්ත තානාපතිවරයාට සමරු ඵලකයක් ද පිරිනමා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment