ඇමති අජිත් වැරදියි - කෝප් සිද්ධිය ගැන ඇමති සුජීව කතා කරයි

ඇමති අජිත් වැරදියි - කෝප් සිද්ධිය ගැන ඇමති සුජීව කතා කරයි

කෝප් කමිටුවේ තීරණ පිළිබඳව එහි සාමාජිකයන්ට මාධ්‍යයට කරුණු දැක්වීමට අයිතියක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා එසේ පවසා ඇත්නම් එය වරදක් බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(26) පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී සුජීව සේනසිංහ අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“කෝප් එක ඇතුළෙ සිදුවෙන දේවල් එළියට ඇවිත් කියන්න බැහැ. කෝප් එක ගැන එළියෙ කතා කරන්න අපිට අයිතියක් නැහැ. ඔය එළියට ඇවිත් කෝප් එක ගැන කතාකරන අයට කෝප් එක ගැන දැනුමක් නැහැ. අපිත් ආසයි කතා කරන්න. නමුත් එය මාධ්‍යයට විවෘත කරලා නැතිනම් අපි ඒ සම්ප්‍රදාය රැකගත යුතුයි. අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කෝප් නිර්දේශ කිව්වනම් එක වැරදියි. මම වගකීමෙන් කටයුතු කරන්නේ. මට නීතිය තේරෙනවා“ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment