පිළිතුරු නොදී ඇමති සාගල නැගිට යයි (VIDEO) 

පිළිතුරු නොදී ඇමති සාගල නැගිට යයි (VIDEO) 

උතුරේ යතුරු පැදිවලින් සැරි සරන 'ආවා' නමින් ක්‍රියාත්මක කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද(26) පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගොස් තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්න කළ අතර ඒ සඳහා අමාත්‍යවරයා ‘මම කිසිවක් කියන්නේ නැහැ‘ යැයි පවසා නැගිට ගියේය.

යාපනය සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසානයේ සියලු දේ ප්‍රකාශකරන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණවලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඊයේ(25) පැවසී ය.

යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් දෙදෙනකු මියයෑමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීය.

යාපනයේ අපරාධ කරන යතුරුපැදි කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා සිද්ධි වූ දා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත් සිසුන්ගේ යතුරු පැදි දෙක මාර්ග බාධකයේ නොනවත්වා ගමන් කර ඉදිරියේ තිබූ ජංගම රථයේ සිටි පිරිස දෙසට පැමිණ ඇති බවත් ඒ නිසා වෙඩි තබා ඇති බවත් ඒ මොහොතේ නිලධාරීන්ගේ තත්ත්වයද තේරුම් ගත යුතු බවත් ඇමැතිවරයා පැවසී ය. 

මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, මෙය කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment