ලිපිගොනු ගණුදෙනුවට සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරයි

ලිපිගොනු ගණුදෙනුවට සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලිපිගොනු ගණුදෙනු කිරීම සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලිපිගොනු ප‍්‍රමාදවීම වළක්වා ගැනිම මෙහි අරමුණ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමක් මත මෙම කමිටුව පත් කර ඇත. එහි සභාපතිවරයා වන්නේ ඩබි.එම්. බන්දුසේන මහතාය. එස්.පී වෙල්ලප්පිලි මෙනවිය, වෛද්‍ය සී.කේ ෂන්මුගරාජා මහතා සෙසු කමිටු සාමාජිකයින් වේ. එච්.ඒ.ඩි.සී ජයසේකර මහත්මිය කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ පිළිබදව දන්වා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා වෙත ලිපියක්ද යොමු කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment