මෝදිගේ නිල ඇප් එක 22 හැවිරිදි ගැටයෙකු හැක් කරලා


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රවත් පළකරන නිල ජංගම දුරකථන යෙදවුමට (ඇප් එක) ඇතුළුවූ තරුණයෙකු එහි සටහන්ව ඇති ඊමේල් හා වැදගත් තොරතුරු රැසක් ලබාගෙන ඇත.22 හැවිරිදි ජාවෙඩ් කත්‍රි
නමැති ඔහු ජංගම යෙදවුම් නිර්මාණය කරන්නෙකු වන අතර

මෙම හැක් කිරීමෙන් පසුව ඔහු තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් කියා ඇත්තේ මෝදිට මේ තාක්ෂණික අඩුපාඩු සකසා ගන්නා ලෙස උපදෙසකි.

නිල යෙදවුමේ පවතින අවදානම් සහගත බවත් එහි ආරක්ෂාව මදිකම සම්බන්ධයෙනුත් දැනුවත් කිරීම සඳහා තමා ඊට ඇතුළුවූ බවත් කියා ඇත.
රාහුල් ගාන්ධි සහ ඔහුගේ කොංග්රස් පක්ෂයේ ට්විටර් ගිණුම්ද පසුගිය කාලයේ හැක් කිරීම් වලට ලක්විය.

මෙරට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියටද පසුගිය දිනෙක තරුණයකු ඇතුළුවූ අතර ඔහු පරිවාස භාරයට පත්කිරීමෙන් පසු ජනපති හමුවී තෑගි බෝගද ලබා ගත්තේය.
ඉන්දීය තරුණයාගේ ට්විටර් සටහන පහතින්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment