දේශපාලන හයියෙන් වැව හූරලා

දේශපාලන හයියෙන් වැව හූරලා
වැවක් සංවර්ධනය කරන මුවාවෙන් සිදු කෙරෙන මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු අනාවරණය වෙයි. 
මෙම වැලි ජාවරම සිදු කරන්නේ කුරුණෑගල නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹදෙණිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ පිහිටි පැලවත්ත වැව ආශ්‍රිතවය. 
මෙහි සොරොව්ව හා බැම්ම සංවර්ධනය කරන මුවාවෙන්, මහා පරිමාණයෙන් වැව හාරා බොරලු කැපීම සිදු කර තිබේ.
වැව් භූමියේ විශාල වළවල් හාරමින් පස් හා වැලි ඉවත් කොට ඇත.
 
දේශපාලනඥයකුගේ හයිකාරකම පෙන්වමින් කෑගල්ල දිසාවේ ව්‍යාපාරිකයකු මේ ජාවාරමේ නිරත බැව් ගම්වාසීහු පවසති.
 
මේ වැවේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ පණහක මුදලක් වෙන් කොට එය පැලවත්ත එකමුතු ගොවි සමිතියට ලබා දී ඇත.
 
ගොවි සංවිධානයේ විරෝධතා හමුවේ ඉහත ව්‍යාපාරිකයා දේශපාලනඥයකුගේ නම සඳහන් කරමින් මේ කටයුතුවලට බාධා නොකරන ලෙස තර්ජනාත්මකව පවසමින් ගම්වාසීන් බියවද්දන බව පවසති.
 
මේ වන විට පස් ගැනීම නිසා වැව මැද විශාල ආවාට සෑදී ඇති බව දක්නට ලැබේ. වැලි හා පස් අධික ලෙස ඇති භූමියක පිහිටා ඇති මේ වැව මෙම වැලි ජාවාරම්කරුවන් නිසා විනාශයට පත්ව ඇතැයිද එනිසා කුඹුරු අක්කර සියයක් පමණ අස්වැද්දූ තමන් මහත් පීඩාවට පත්ව ඇතැයිද ගම්වාසීහු පවසති.
 
වැවෙහි සංවර්ධනය පිළිබඳ වගකීම පැවරෙන තම ගොවි සංවිධානය සමඟ මේ ව්‍යාපාරිකයා කිසිදු ගිවිසුමකට මෙතෙක් පිවිස නැතැයිද මෙය දේශපාලන බලපෑම් මත සිදු වන කටයුත්තක් බවද ගොවි සමිතියේ නියෝජිතයන් ලිපියක් මගින් ජනාධිපතිවරයාට හා පරිසර අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා තිබේ.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment