ලීටර 33000 ක් රැගත් ඉන්ධන බවුසරයක් පෙරළෙයි (VIDEO)

ලීටර 33000 ක් රැගත් ඉන්ධන බවුසරයක් පෙරළෙයි (VIDEO)

මුතුරාජවල සිට හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ප්‍රවහානය කළ පෞද්ගලික අංශයට අයත් බවුසරයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී පෙරලී තිබේ.

ඩීසල් ලීටර තිස්තුන්දහක් ප්‍රවහානය කළ මෙම බවුසරය පෙරළිම හේතුවෙන් හැටන් ඔයට ඉන්ධන ගලා යෑම වැලැක්විමට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් කටයුතු කර ඇත.

ඒ අනුව පෙරලි ගිය බවුසරයේ ඉන්ධන එම ගබඩා සංකීර්ණයේ බවුසර් වලට පොම්ප කිරිමට කටයුතු කර තිබේ.

 කෙසේ වුවද කාණු පද්ධතිය දිගේ ගලා ගිය ඉන්ධන ප්‍රදේශවාසීන් විසින් එකතුකරගත් බව අප වාර්තාකරු පවසයි.

බවුසරයේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වු බව එහි රියදුරා පවසයි.

පෙරලි ගිය බවුසරයට හැටන් පොලිසිය මගින් විශේෂ ආරක‍ෂාවක් ලබා දි තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment