ජාතිවාදය අවුස්සන ෆේස්බුක් පේජ් පාලනයට කොමිසමක්

ජාතික සංහිඳියාවට තර්ජනයක් වන සමාජ ජාල වෙබ් අඩවි පිටු (ෆේස්බුක් පේජ්) පාලනය කිරීමට සහ පුවත්පත් කලාවේදීන් ආරක්‍ෂා කිරීමේ අරමුණින් මාධ්‍ය කොමිසමක් පත් කිරීමට, රජය සැලැසුම් කර ඇතැයි
රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රකාශ කරයි.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන බවත් මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවත් පැවැසූ කලංසූරිය මහතා මේ හේතුවෙන් රටට ජාතියට මෙන්ම ජාතික නායකත්වයට සිදුවන අගතිය අතිමහත් බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් කැඳවීමට තීරණය කර ඇතැයිද පැවැසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙවැනි ක්‍රමවේදයක් ලෝකයේ දියුණුම රටවල දැනටමත් තිබෙන බවද ප්‍රකාශ කළේය.
(රවි ලද්දුවහෙට්ටි, පණ්ඩුක සමරසේකර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment