අධිකරණය දුමින්ද සිල්වා ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

අධිකරණය දුමින්ද සිල්වා ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව පවතින වත්කම් බැරකම් හෙළි නොකළැයි කියන නඩු තුනකට අදාළව ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බන්ධනාගාරයෙන් ඉදිරිපත් කළ වාර්තාව කැඳවිණි.

නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරු වන දුමින්ද සිල්වා මහතා කොළඹ ජාතික රෝහලේ මොළයේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (26) නියෝග කළාය.

කෙසේ වෙතත් අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන් දුමින්ද සිල්වා මහතා අධිකරණයට ගෙනැවිත් තිබුණේ නැහැ. 

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බවට බන්ධනාගාර රෝහල මගින් ලබා දි තිබූ වාර්තාවක් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

නඩුව පෙබරවාරි 13 වැනි දා යළි කැඳවිමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment