තෙල් නලයක කාන්දුවක්

තෙල් නලයක කාන්දුවක්

කොළඹ වරායේ සිට කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ගෙන යන නලයක ඇති වූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඛණිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඊයේ (28) පෙරවරුවේ ඉන්ධන ගෙන යන නල හතරෙන් එක් නලයක මෙම කාන්දුව හටගෙන ඇති බව අමාත්‍යවයා සඳහන් කළේය.

වරාය තුළදීම අදාළ නලයේ කාන්දුව හටගෙන ඇති අතර මුහුදු ජලය හා තෙල් මිශ්‍ර වීම වැළැක්වීමට මේ වන විට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම තෙල් නලයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් ඉන්ධන පොම්ප කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment