ඇමතිට බාරදුන් සීමා නිර්ණය වාර්තාවේ තවත් ගැටලු රැසක් 

ඇමතිට බාරදුන් සීමා නිර්ණය වාර්තාවේ තවත් ගැටලු රැසක් 

කොට්ඨාශ සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පසුගියදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදුන් වාර්තාව පරීක්ෂා කිරීමේදී අඩුපාඩු හඳුනාගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ලිපියක් මගින් අශෝක පීරිස් මහතා වෙත දන්වා ඇතැයි එම අමාත්‍යාංශය පැවසී ය.

අමාත්‍යවරයා එම ලිපියේ සදහන් කර ඇත්තේ, වාර්තාව 2017 ජනවාරි මස 31 දිනට පෙර ගැසට් කිරීම, සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ හා අමාත්‍යාංශයේ යන දෙපාර්ශවයේම වගකීමක් වන බවයි. 

එමෙන්ම, මෙතරම් දෝෂ සහිත තත්වයක් ඇතිවීම පිළබඳව ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද දැනුවත් කළ යුතු බැවින් අදාළ අනෙකුත් සාමාජිකයන්ද දැනුවත් කර මේ සම්බන්ධව අභියාචනා විමර්ශන කමිටුව ගනු ලබන තීරණ දන්වන ලෙස ෆයිසර් මුස්තෆා මහතා අශෝක පීරිස් මහතා වෙත යොමු කල ලිපියේ දක්වා ඇත.

ඒ අනුව පහත සඳහන් අඩුපාඩු හඳුනාගෙන ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

01. සංශෝධිත ගැසට් නිවේදනයේ හඳුනාගත් අඩුපාඩු

ඔබ කමිටුව සකස් කළ ගැසට් නිවේදනයේ සංශෝධනය කරන ලද සීමා මායිම් පිළිබඳව විශේෂ සඳහනක් කර නොමැති නිසා මැතිවරණ කොමිෂන් සභාවට හෝ සාමාන්‍ය මහජනතාවට සංශෝධනය වූයේ කුමක්ද යන්න හඳුනා ගැනීමට නොහැකි වේ. එබැවින් අමාත්‍යවරයා ගැසට් නිවේදනයේදී කරන ලද නියමය හා ගැසට් නිවේදනයේ අන්තර්ගතය නොගැළපෙන බැවින් සංශෝධිත කරුණු විශේෂ සඳහනක් ලෙස ඇතුළු කිරීමට කටයුතු කළ යුතුය.

02. ගැසට් නිවේදනයේ මුල් පිටුවේ හඳුනාගත් අඩුපාඩු

පළාත් වශයෙන් සකස් කර ඇති ගැසට් නිවේදන ඇතුළත් දෙවනි වෙළුමේ පිටකවරයේ මැතිවරණ පනතට අනුකූලව ඔබගේ පත්වීම් ලිපියටද ඇතුළත් කර ඇති කමිටු නාමය ඒ ආකාරයෙන්ම සිංහල හා දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල දක්නට නැත. එම වරද පළාත් මට්ටමින් සකස් කළ සිතියම් ඇතුළත් ඉංග්‍රීසි පිටපත්වලද දක්නට ඇති බැවින් එය නිවැරදි කළ යුතුය.

03. ගැසට් නිවේදනවල අන්තර්ගත අඩුපාඩු

මැතිවරණ දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයන්ද සම්බන්ධ කරගෙන පරීක්ෂා කිරීම් දැනට සිදුකරන අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි පරිවර්තනවල සීමා මායිම් පිළිබඳ අඩුපාඩු දක්නට ඇති අතර දෙමළ පරිවර්තනයේ සමහර සීමා මායිම්වල විශාල වශයෙන් වෙනස්කම්ද දක්නට ඇත.

එබැවින් ඔබ කමිටුව විසින් සකස් කරන ලද ගැසට් නිවේදන, ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා අමාත්‍යාංශයට විශාල ආයාසයක් දැරීමට සිදුව ඇති අතර, වසර වැඩි කාලයක් සකස් කරන ලද සංශෝධන සහිත ගැසට් නිවේදනයේ මෙතරම් අඩුපාඩු පැවතීම ඔබ ඇතුළු කමිටුවෙන් බලාපොරොත්තු වූවක් නොවූ බව තවදුරටත් සඳහන් කරමි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment