කුවේට් ගිය බිරියෙග් මළ සිරුර ලංකාවට එවුවත් රත්තරන් බඩුත් ඒපා මිනියත් එපා සැමියා කියලා

කුවේට් ගිය බිරියෙග් මළ සිරුර ලංකාවට එවුවත්
රත්තරන් බඩුත් ඒපා මිනියත් එපා සැමියා කියලා

හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක මින් වසර 15 කට පමණ පෙර කුවේට් දේශයේ රැකියාව සඳහා යාමෙන් පසු
සැමියා හා දරු දෙදෙනා ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ අකටයුතුකම් කරමින් වාසය කිරීම නිසා එරට සිර අඩස්සියටද පත්ව ඇති අතර
අනතුරුව සිර කුටියේ
වහළයක් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත.
මෙයින් අනතුරුව කුවේට් බලධාරීන් ඇය සතු රන් ආභරණ වස්තුවද සමග මළ සිරුර ලංකාවට එවා තිබේ.

බිරිය තමා සහ තම දරුවන් අමතක කිරීමෙන් පසුව දුක් මහන්සියෙන් හරිහම්බ කර ගෙන දරවන්ට උගන්වා උස් මහත් කළ ඇගේ සැමියා තමන් ගැන මතක ඇති කාලයක කිසිවක් සොයා නොබැලූ සහ ඔවුනට නිගරු වෙන ලෙස හැසිරීම නිසා මෙම බිරියගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සමග එවා ඇති ඇගේ වස්තුවද අනවශ්‍ය බව පවසා තිබේ.

45 හැවිරිදි ඩී පී රමණි නමැති මෙම කාන්තාවගේ මළ සිරුරට මේ නිසා කරන්නට දෙයක් නැතිව රජයේ වියදමින් ආදාහනය කරන්නට සිදුව ඇත. හංවැල්ල වලව්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඒ නිසා ඇගේ සිරුර භාර නොගන්නා ලදි.

වාර්තාව - අයිරංගි එදිරිසිංහ




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment