ප්‍රභූ රථ සඳහා නව නීතියක්

ප්‍රභූ රථ සඳහා නව නීතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ප්‍රභූවරයෙකුට රථ වාහන සඳහා අඳුරු පැහැති වීදුරු භාවිත කළ හැක්කේ නිසි බලපත්‍රයක් ලබා ගැනීමෙන් අනතුරුව බව පොලීසිය පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අදාළ බලපත්‍රය ලබාගත යුතු බව රථ වාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති, පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ ප්‍රභූවරයෙකු එම බලපත්‍රය ලබානොගෙන අඳුරු පැහැති වීදුරු භාවිත කරන්නේ නම් එය ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment