නීති අර්බුද මැද කන්ටේනර් අටක් මුදාහරින්න මුදල් අමාත්‍යංශයෙන් උපදෙස්

නීති අර්බුද මැද කන්ටේනර් අටක් මුදාහරින්න මුදල් අමාත්‍යංශයෙන් උපදෙස්

නීති අර්බුද මධ්‍යයේ ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් ඇතුළත් කන්ටේනර් අටක් මුදාහරින්නැයි මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය මේ සතිය ආරම්භයේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත යවා ඇතැයි  ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සභාපතීත්වය දරන කැබිනට් අනු කමිටුවක් විසින් අදාළ නිදහස් කිරීම අනුමත කර ඇතැයිද තවදුරටත් වාර්තා වේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත ආනයනකරු  (වෙහිකල්ස් ලංකා (පෞද්) සමාගම) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ ක්‍රියාමාර්ගය ගත් බව කැබිනට් උප කමිටුව සඳහන් කරයි.

අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. මෝටර් රථ අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට එම හැකියාවක් නැතැයිද ඔවුහු පවසති.

මහා භාණ්ඩාර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් එවන ලද  තමාට ලැබුණු බවත් තවමත් එය නීති අංශය විසින් අධ්‍යයනය කරනු ලබන බවත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

 

(සන්ඩේ ටයිම්ස්)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment