රජයේ නිලධාරීන්ට අපහාස කරන රන්ජන් මර්වින්ට අන්තයි - මහින්ද කියයි


රජයේ නිලධාරීන්ට අපහාස කරන 
රන්ජන් මර්වින්ට අන්තයි 
- මහින්ද කියයි

පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර
සිද්ධියට මැදිවූ දෙදෙනා

ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ.
මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ.
‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment