නුගේගොඩ රැලියට පෙර මහින්දගෙන් ඉල්ලීමක්

නුගේගොඩ රැලියට පෙර මහින්දගෙන් ඉල්ලීමක්

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණය කළ සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඔවුන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

සිසුන් අත්අඩංගුවට ගෙන සයිටම් ප්‍රශ්නය විසඳීමට නොහැකි බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී නැගීසිටි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ, අධිකරණ නියෝග නොතකා කටයුතු කරන ඕනෑම කෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා අත්අඩංගුවට ගත හැකි බවයි.

අද මහින්ද රාජපක්ෂ මහතා මෙම සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ සිසුන් අත්අඩංගුවට ගත්තා පමණක් නොව ජීවිතය පවා අහිමිකළ බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමකදී මෙම අදහස් ප්‍රකාශ විය.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‌ෂයේ "පෙරළියක ඇරඹුම" ජනරැළිය අද (27) පස්‌වරු 2.30 ට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වීමට නියමිතය. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment