අමුතු හැඩයකට පෙරළුණ ග්‍රේරුගේ පුතාගේ විවාහය



අමුතු හැඩයකට පෙරළුණ
ග්‍රේරුගේ පුතාගේ විවාහය

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරුගේ පුත් නිකිත ග්‍රේරු (30) පසුගිය දිනෙක අප්‍රසිද්ධ විවාහයක් සිදු කළා. නිකිත අධ්‍යක්ෂ ධූරය දරන ඔහුගේ පියාට අයත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 18 හැවිරිදි සිසුවියක වූ කිත්මී සමග නිකිත පෙම් සබඳතාවය අරඹා තිබුණ අතර ඇයට පසුගිය මැයි මාසයේ 18 වන විය සපිරුණ පසු
විවාහ ගිවිස ගැනීම
සැප්තැම්බර් මාසයේදී ගල්කිස්සේ වෙරළ හෝටලයකදී පවුලේ හිතවතුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ උත්සවයකදී සිදු කළා.
(කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර පාසලේ නීති රීති අනුව සිසුසිසුවියනට පාසලේදී  පෙම් සබඳතා තහනම්ය.)
මෙම පුද්ගලික උත්සවයෙන් පසුව ප්‍රසිද්ධියේ ඔවුන් විවාහ උත්සවයක් පවත්වා තිබුනේ නැති අතර මේ වනවිට නිකිත තම විවාහය පිළිබදව සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබේ.
තමන් විවාහ වූ බවත් තම විවාහය නිමිත්තෙන් කිසිදු උත්සවයක් හෝ සැණකිලි අවස්ථාවක් පවත්වන්නට අදහසක් නැති බවත් කියන ඔහු වියදම් වන සියළු මුදල් වලින් ලංකාවේ ජීවත්වන නිවාස නොමැති අසරණ පවුල් කිහිපයක් තෝරාගෙන ඔවුන්ට අංග සම්පූර්ණ නිවාස තනා දීමට වැය කරන සත්කාර්යයේ යොදවන බව දන්වා ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment