පාරේ සුනඛයින් බළලුන් අතැර යන අය සීසීටීවී නිරීක්ෂණයෙන් අත්අඩංගුවට


පොදු ස්ථානවලට සුනඛයින් බළලුන් ගෙනවිත් දමන පුද්ගලයන් CCTV කැමරා භාවිතයෙන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පොලීසිය උපදෙස් දීමට තීරණය කර තිබෙන බව පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍ය
ෆයිසර් මුස්තාෆා දන්වා ඇත.
සත්ත්ව සුබ සාධනය සඳහා උපදේශන කමිටුවක් පත්කිරිම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව දන්වා ඇත.
අමාත්‍යාංශය හා පළාත් සභා හා අදාළ අංශ වල නිලධාරීන් ඇතුළත්ව මෙම කමිටුව පත්කිරීමට නියමිතය. දිවයින පුරා පාසල්, රෝහල්, බස් නැවතුම්පොළ හා පොදු වෙළදපොළ ආශ්‍රිතව ගැවසෙන සුනඛයින් හේතුවෙන් පළාත් පාලන ආයතන වලට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment