අන්තරරේ කැඳවුම්කරු රිමාන්ඩ්

අන්තරරේ කැඳවුම්කරු රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු පෙබරවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව ඇප නියම කිරිමේදී විරෝධතා ව්‍යාපාරවලට සහභාගිවීම වලක්වාලමින් අධිකරණය ලහිරු විරසේකරට ඇප කොන්දේසියක් පනවා තිබුණි.

කෙසේ වෙතත් එම කොන්දේසිය කඩකරමින් පසුගියදා පැවැති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධතා පා ගමනට සහභාගී වූ බවට ලහිරු විරසේකරට චෝදනා එල්ලවී තිබේ.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment