තවත් පොලිස් ලොක්කෙකු ලඟදීම අත්අඩංගුවට

තවත් පොලිස් ලොක්කෙකු ලඟදීම අත්අඩංගුවට

කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ නියෝගයන්ට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිධන් හෑරීමකට සම්බන්ධව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

පසුගිය වසරේ (2016) ඔක්තොම්බර් 18 වනදා පොලිස් නිලධාරීන් පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් හෝ කිසිදු අවසරයකින් තොරව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කැනීම් කටයුත්තක යෙදී ඇති අතර පසුව පුදුකුඩිඉරිප්පු පොලිසියේ සුලු පැමිණිලි අංශ නිලධාරීන් දෙදෙනෙකු  මෙම කැනීම් දැක ඒ පිළිබඳව විමසීමේදී ඔවුන්ට කැනීම්  සිදු කළ කිලිනොච්චිය පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තමන් මුලතිව් පොලිසියේ බවත් ආයුධ ඇති බවට ලැබුනු තොරතුරකට කැනීම් සිදු කරන බවත්ය.

පසුව මේ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාද එම ස්ථානයට පැමිණ තමන්ගෙන් අවසරයක් හෝ දැනුම් දීමක් නොකොට කැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමත් සමග කැනීම් සිදු කල පොලිස් නිලධාරීන් කැනීම් නවතා ආපසු ගොස් ඇත.

කැනීම් නවතා ගිය පොලිස් නිලධාරීන් පොලිස් වාර්ථා පොතේ සඳහන් කොට ඇත්තේ කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයට පරිදි කැනීම් සිදුකළද කිසිවක් හමු නොවූ බවට යනුවෙන්ය.

පසුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතට පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල අනවසර කැනීම සමබන්ධයෙන් පූර්ණ වාර්ථාවක් ලබා දෙන අතර එම වාර්ථාව හා සිදුවීම කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් S-DIG-NP-SI-371-2016 නැමති ලිපිගොනු අංකය යටතේ උතුරු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව එම වාර්ථාවන් හා සිදුවීම් සම්බන්ධයෙන් උතුරු පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වන විට පොලිස්පතිවරයාගේ නියමයෙන් අදාල සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කිරීමට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාට බාර දි ඇති අතර වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විසින් අදාල කැනීම් සිදු කළ ස්ථානය පරික්ෂා කොට කැනීම් සිදු කළ හා කැනීමට නියෝග ලබා දුන් කිලිනොච්චිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් කට උත්තර ලබාගෙන ඇත.

එහිදී කිලිනොච්චිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාල නිධන් හෑරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උසස් පොලිස් නිලධාරීන්ද දෝෂ දර්ශනයට ලක් කොට ඇත.

කෙසේ වෙතත් කිසිදු අවසරයකින් තොරව කැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් විනය පරික්ෂනයක් හා චෝදනාපත්‍ර නිකුත් කිරීමත් පසුව අධිකරණ ක්‍රියාවලියකට පිවිසීමටද උසස් පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment