බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්

බැඳුම්කර වංචාවෙන් වූ පාඩුවක් ගැන ඇමති සුසිල්ගෙන් අනාවරණයක්

ජනාධිපති කොමිසමක්‌ මඟින් ඉදිරිපත් වන වාචික හා ලිඛිත සාක්‌ෂි, සාක්‌ෂි ආඥ පනතට අනුව සිදුවන බැවින් එම සාක්‌ෂි පදනම් කරගෙන බැඳුම්කර වංචාවට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පවරා රටට අහිමි වූ මුදල් ලබාගැනීමටත්, වරදකරුවන්ට දඬුවම්දීමටත් හැකිවන බව තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමෙන්ම බැඳුම්කර වංචා මඟින් රැස්‌කළ ධනය නිශ්චිතව හඳුනාගත හැක්‌කේ මෙවැනි ජනාධිපති කොමිසමක්‌ මඟින් යැයි ද පැවසූ අමාත්‍යවරයා මෙසේ උපයාගත් මුදල් මෙම සිද්ධීන් යටපත් කිරීමට යෙදවිය හැකි බව ද මෙලෙස යටපත් කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්‌ තුළින්ම මහජන විශ්වාසය බිඳ වැටෙන බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය,

“ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක්‌ පත්කිරීමට ගත් තීරණය අපි පක්‌ෂයක්‌ ලෙස අගය කරනවා. මෙය එතුමාට ගතහැකි දුෂ්කර තීරණයක්‌. නමුත් ජනාධිපතිවරයකු විසින් ජනතාව පැත්තෙන් රට පැත්තෙන් බලාගත යුතු සෘජු හා නිවැරදි තීරණයක්‌ මේ මොහොතේ ගෙන තිබෙනවා. මෙම තීරණය ගත්තේ දේශපාලන වාසි මත නොව දේශපාලන අවදානමක්‌ මත බව අමතක නොකළ යුතුයි. මෙම වංචාවෙන් මුදල් හම්බ කළ අය එම මුදල් කෙසේ භාවිත කරනු ඇත්ද? අනාගතයේදී එය දැකගත හැකිවනු ඇති.“

“කෝප් වාර්තාව පදනම් කරගෙන නඩු පැවරීමට නම් එහිදී හෙළිදරව් වූ කරුණු සාක්‌ෂි බවට පත්කළ යුතුයි. ඊට දීර්ඝ කාලයක්‌ ගතවෙනවා. එමෙන්ම සාක්‌ෂි සටහන් කරන්නන් නිසි ලෙස කටයුතු නොකළහොත් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‌ෂි නොමැතිව මුළු ක්‍රියාදාමයම නිෂ්ඵල වෙනවා" යැයිද අමාත්‍යවරයා පැවසී ය.

බැඳුම්කර සිද්ධිය නිසා මේ වනවිට පොලී අනුපාතය 15%ක් දක්වා ඉහළගොස් තිබෙන බවත්, මේ නිසා ආයෝජන හා ඉතිරිකිරීම කඩාවැටී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

2010 වසර වනවිට මෙරට පොලී අනුපාතය 8.5% ත්, 9%ත් වූ බවත්, මේ වනවිට එම අගය 15%ක් බවද පොලී අනුපාතය ඉහළ අගයක් ගැනීම නිසා ආයෝජන සිදුකිරීම කඩා වැඩී තිබෙන බවද ආයෝජන කඩාවැටීම නිසා ඉතිරිකිරීම කඩා වැටී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආයෝජන කඩා වැටීම ආර්ථිකයටද බලපා තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment