පරිප්පු හාල්මැස්සන් මුං ඇට සීනි අර්තාපල් මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක පැවැති රජයේ උපරිම සිල්ලර මිල තවත් අඩු කිරීමට පාරිභෝගික කටයුතු
අධිකාරිය තීරණය කර ඇත.
මේ අනුව පෙරේදා (27 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මයිසූර් පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169 සිට රු. 159 දක්‌වාද, හාල් මැස්‌සන් (තායිලන්ත) සඳහා රු. 495 සිට රු. 490 දක්‌වාද, හාල්මැස්‌සන් (ඩුබායි) සඳහා රු. 410 සිට රු. 405 දක්‌වාද, මුං ඇට සඳහා රු. 220 සිට රු. 205 දක්‌වා ද, සීනි සඳහා රු. 95 සිට රු. 93 දක්‌වා සහ අර්තාපල් සඳහා රු. 120 සිට රු. 115 දක්‌වා ද අඩු කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
 මින් ඉදිරියට මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කිරීම තහනම්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment