ලසන්ත ගැන ෆොන්සේකාගෙන් CID ප්‍රකාශයක්

ලසන්ත ගැන ෆොන්සේකාගෙන් CID ප්‍රකාශයක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති වත්මන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ෆොන්සේකා මහතා රහස් පොලිසියට කැදවු පළමු අවස්ථාව මෙයයි.

මේ සම්බන්ධයෙන් තමා දන්නා සියලු කරුණු රහස් පොලිසිය වෙත පැවසූ බවත් එලෙස ප්‍රකාශයක් ලබාදීමට තමාව රහස් පොලිසිය වෙත කැදවීම පිළිබඳ ස්තුතිවන්ත වන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුවී ඇති බවට තමා විශ්වාස කරන බවත් තමා මේ සම්බන්ධයෙන් දන්නා සියලු කරැණු පැවසූ බවද ෆොන්සේකා මහතා කීවේය.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හා තමා සම්බන්ධ යැයි වරින් වර විවිධ පුද්ගලයෝ චෝදනා කරනු ලැබුයේ රාජපක්ෂ පවුලේ අනුදැනුම මත බවද හෙතෙම පැවසීය.

2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරිණි.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment