ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ මන්ත්‍රී දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි (VIDEO)

ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ මන්ත්‍රී දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි (VIDEO)

සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට ඊයේ (26) අකරගම ප්‍රදේශයට පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැකවූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රදේශයේ පස් කැපීම සඳහා බලපත් ලැබී ඇත්තේ අක්කරයක් තුළ මීටරයක ප්‍රමාණයක් ගැඹුරට පස්කැපීමට වුවද මේ වන විට එය අඩි 30 කට වඩා ගැඹුරට කපා ඇති බවයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

පසුව රන්ජන් රාමනායක මහාත මේ පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්ද විමසීමක් කළේය.

මෙම ජාවාරම අල්ලස් දී යටගසා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා 

"පැහැදිලිව මේ ප්‍රදේශයේ පස් කපන පස් හොරා ඉන්දික අනුරුද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම ඔහුගේ සොහොයුරා තුසිත, ඒ වගේම අපේ පක්ෂේ වසන්ත දංගල්ල, ඉතිං මේ පුද්ගලයෝ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මේ හැමෝටම අල්ලස් දීලා තියෙනවා කියන එක තමයි තිත්ත ඇත්ත" යැයි පැවසීය.

මෙම සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව පහතින්,

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment