ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිදින්න සලස්සනවා (VIDEO)

ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිදින්න සලස්සනවා (VIDEO)

සැබෑ නොවන සිහින දකිමින් ආණ්ඩුව වෙනස් කිරීමට කවුරුන් කෙසේ උත්සාහ දැරුවත් එම අරමුණු ඉටු කර ගත නොහැකි බවත් ශක්තිමත්, ජාති හිතෛෂි ගුණවත් හා නැණවත් දේශපාලන ඥානයකින් යුතුව සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවත් එහි ඉදිරි ගමන 2020 දී තීන්දු කරන බවත් ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

"එගොල්ලන්ට සඳාකාලිකව ආණ්ඩු කරන්න නෙවෙයි මහපාරේ ඇවිද ඇවිද ඉන්න අපි අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මම තමුන්නාන්සේලාට පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ" යැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment