ස්වයංක්‍රීය කාර් පාර්ක් මීටර් කොළඹට සවි කිරීම අරඹයි


ස්වයංක්‍රීය කාර් පාර්ක් මීටර්
කොළඹට සවි කිරීම අරඹයි

ප්‍රධාන මහාමාර්ග වල වාහන නවත්වන්නට වෙන් කළ ස්ථාන වල නවතා තැබූ කාලය වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ස්වයංක්‍රීය යන්ත්‍ර (කාර් පාර්ක් මීටර්) ක්‍රමය පළමු වරට ලංකාවට හඳුන්වාදීම පසුගිය සතියේ සිදුවුණා. ඒ අනුව මේ වනවිට කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න පාර අයිනේ මෙවැනි මීටර් සවි කර තිබේ.
මෙහිදී පාරේ P සලකුණ සහිත වාහන නවතන්නට වෙන් කළ ස්ථාන වල වාහන නවතා තබද්දී
අදාළ කාඩ් පතක් මගින් රියදුරු තමා වාහනය නැවතූ බව දැනුම් යන්ත්‍රයට දැනුම් දිය යුතු අතර නැවත වාහනය පිටත් වෙන්නට පෙර තමන් පිටත්වන බව යන්ත්‍රයට කාඩ්පත යොමු කර දැන්විය යුතුය. ලියාපදිංචි සාමාජිකයින් සැමට අන්තර්ජාලය ඔස්සේ නැවතීමේ ගාස්තු ගෙවීම් කිරීමට හැකි ඇප් එකක් හඳුන්වාදී ඇත.
ගෙවීම් කටයුතු ඊසි කෑෂ් ක්‍රමයටද සිදු කළ හැකිය.
කොළඹ මහනගර සභාව සමග මෙම කටයුත්තට මූලිකව හවුල්ව ඇත්තේ ටෙනෙගා කාර් පාර්ක් පුද්ගලික සමාගමයි. ඊට අමතරව ඩයලොග්,ජීටෙක්නා සහ කෝල් ස්විඩන් පුද්ගලික සමාගම්ද මෙහි තාක්ෂණික සහකරුවන් ලෙස කටයුතු කරයි.

වාහන නැවතීමේ ගාස්තු වලින් සියයට 40ක් මහ නගර සභාවට ලැබෙන බවත් ඉතිරි සියයට 60 ටෙනෙගා පුද්ගලික සමාගම වෙත ලැබෙන බවත් වාර්තාවේ.
දැනටමත් ගාලු මුවදොර ආසන්නයේ මෙම යන්ත්‍ර සවිකර තිබෙන අතර ඉදිරියේ පළමු අදියර වශයෙන් ගාලු පාරේ හා ඩුප්ලිකේෂන් පාරේ සියලුම රථ නැවතුම් අසළ මෙම මීටර් සවි කරන්නට නියමිතය.

පසුව තවත් මහාමාර්ග වෙත ව්‍යාප්ත වනු ඇත.
ලෝකයේ ජනාකීර්ණ නගර රාශියක මේ ආකාරයේ යන්ත්‍ර වාහන නැවතුම් සඳහා දිගු කලෙක සිට භාවිත කෙරෙන අතර ස්වයංක්‍රීයව සේවාව සිදුවන නිසා මේ හේතුවෙන් රථ ගාල් ශ්‍රමිකයින්ගේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය නොවේ.
මෙම මීටර වලට අදාළ කාඩ් පත් හා ගාස්තු පිළිබඳ විස්තර ඉදිරියේදී ප්‍රසිද්ධ කරනු ඇත.
මේ සමග පළවන්නේ සමාරම්භක දිනයේ ඡායාරූප කිහිපයකි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment