මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් පහර දුන් සැකකරුවන් තිදෙනාම රිමාන්ඩ්

යුද පුවත් වාර්තාකරුවකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව සිද්ධියෙන් වසර 09කට පසු අත්අඩංගුවට ගන්නා ලද යුද හමුදා මේජර්වරයකු ඇතුළු යුද සෙබළුන් තිදෙනෙකු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 

විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ(18) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද මෙම තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරිණි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment