යූඑන්පියෙන් මහින්ද පිලටත් මහින්ද පිලෙන් මෛත්‍රි පිලටත් ගිය පොළොන්නරුවේ චන්ද්‍රසිරි යළි මහින්ද පිලට


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන චන්ද්‍රසිරි සූරියආරච්චි ශ්‍රිලනිප මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්ව ඇති බවට අද මාධ්‍යයට නිවේදනය නිකුත් කළේය.

1989 සිට 2007 දක්වා එජාපයේ
සිටි ඔහු 2007 සිට ශ්‍රීලනිපයට එක්වූයේ මහින්ද රාජපක්ෂ සමයේ මහින්දගේ ධූර කාලය වැඩිකිරීමට 2/3 දෑත් ශක්තිමත් කරන දේශපාලන විප්ලවය යටතේය. 2009 සිට මින්නේරිය ආසන සංවිධායක ලෙස කටයුතු කළ ඔහු සන්ධාන පරාජයෙන් පසුව මහින්ද අතැර ටික කාලයකට මෛත්‍රී පිලට එක්වූ අතර අද වාර්තාවූයේ ඔහු සිය සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් මේ වනවිට නොමැති අතර මින්නේරිය සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේය.
ඔහු යළි මහින්ද පිලට එක්ව ඇතැයි දේශපාලන ආරංචි අනාවරණය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment