FCID ස්ථානාධිපතිට හා නීතිපතිට නොතීසි

FCID ස්ථානාධිපතිට හා නීතිපතිට නොතීසි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට, පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට මේ මස 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ.කළුආරච්චි අද නොතීසි නිකුත් කරයි.

ඒ තමාට ඇප ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත සලකා බැලුණු අවස්ථාවේදීයි.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් පසුගිය මස 31 වැනිදා ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කළේය.

රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ විමල් වීරවංශ මන්ත්‍රිවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment