Big Match වාහන 22ක් අත්අඩංගුවට


පසුගිය දිනවල කොළඹ හා තදාසන්න නගරවල වාර්ෂික විද්‍යාලන්තර ක්‍රිකට් තරග ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර ක්‍රිකට් සමයේ ප්‍රධාන මාර්ගවල අන්තරාදායක ලෙස ගමන් ගත්
වාහන වැටළීමට
පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා (25දා)වන විට බොරැල්ල සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවලින් වාහන 22ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මගීන්ට සහ වාහනවලට බාධා වන ආකාරයෙන් ගමන් ගත් මේ වාහනවල රියැදුරන්ට නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත.

ඉකුත් 21 වැනි දින කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් කොළඹ යසෝදරා බාලිකාවට සහ මියුසියස් බාලිකා විද්‍යාලයට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියෙන් පසු පාසල් ක්‍රිකට් සමයේ මාර්ගවල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ පොලිසියේ වැඩි අවධානයක් යොමුවීමෙන් පසු මෙම වැටළීම් දැඩි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment