දඹදිව වන්දනාවේ ගිය තිදෙනාගේ මරණ අධික ශීතලටදැයි පරීක්ෂණ


දඹදිව වන්දාවේ ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ඔස්සේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මියගිය
පුද්ගලයන්ගේ මළ සිරුරු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් අසනීප තත්ත්වයේ පසුවන තවත් කිහිප දෙනකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි දඹදිව සංචාර සංවිධාන කරන්නකුගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් පසුගිය 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
වන්දනා නඩයේ සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වැනිදා මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර 23දා දිවයිනට ගෙන්වා ගැනිණි. නඩයේ සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි කාන්තාවක් සහ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකුද පසුව මෙලෙස මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු පෙරේදා (25දා) දිවයිනට ගෙන්වා ගෙන ඇත. අධික ශීතල හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සැක පළ කරයි.
(සිදත් මෙන්ඩිස්)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment