අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ

දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය
පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙම දැරිය දූෂණය කළා යයි කීවාට සත්‍ය ලෙස විමසා බැලීමේදී ඇය
වරින් වර එක් එක් පුද්ගලයින් රැගෙන ගොස් නතර කර තබාගෙන අඹුසැමියන් ලෙස හැසිරී ඇති සෙයක් පෙනී යන අතර ඇය අවස්ථා කිහිපයකදීම  දින ගණන් නිවසේ නැතිව සිටියදීත් ඇයගේ ආරක්සාව වෙනුවෙන් නිවැසියන් උනන්දු නොවීමද ප්‍රහේලිකාවකි.
මෙම දැරිය 2016 අගෝස්තු මාසයේ දිනක රත්ගම ප්‍රදේශයේ තරුණයකු විසින් නුගදුවට පැමිණීමට කියා රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දින තුනක් තබාගනිමින් දූෂණයට ලක් කර ඇති බව ඇයගේ මව පවසන පළමු සිදුවීමයි.
පසුව 2017 පෙබරවාරි 10 දින බළපිටිය ප්‍රදේශයේ ටයිල් බාස් කෙනකු මෙම දැරිය මීගමුව ප්‍රදේශයේ කාමරයකට රැගෙන ගොස් සති තුනක පමණ කාලයක් එම කාමරයේ නතර කර ගනිමින් දූෂණයට ලක් කර ඇති බව දෙවැන්නයි.
මෙම දැරිය දූෂණයට ලක් කළ බැව් කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහ දැරිය දූෂණයට ලක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලය සහ මීගමුව ප්‍රදේශයේ කාමරය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ගාල්ල - කේ.ඒ.එස්. කුමාර, ලලිත් රුහුණගේ)
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment