ලසන්ත ඝාතනය ෆොන්සේකා කරා කියා ගෝඨා අල්ජසීරාවට කියයි

 මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අල්ජසීරා හා ඒඑෆ් පීමාධ්‍ය වෙත ලිපියකින් අඟවා ඇතැයි
වාර්තාවේ.
තම නීතිඥ සනත් විජේවර්ධන මඟින් ලිපියක් යවමින් ගෝඨාභය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඝාතක කණ්ඩායම් තමා මෙහෙයවූ බවටත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවටත් පළ කළ ප්‍රවෘත්ති වාර්තා ඉවත් කරන ලෙසයි.
නීතිඥ විජේවර්ධන මහතා මෙසේ සඳහන් කර ඇත.
'ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකාට බරපතළ චෝදනා තිබුණා. එවකට විපක්‍ෂ නායකවරයා සහ තවත් බොහෝ දෙනකු මෙය තහවුරු කළා.
හිටපු යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා හඳුනාගත යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ සොහොයුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් 2010 පැවැත්වූ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ තැනැත්තා ලෙසය. අනතුරුව ශ්‍රී ලංකාවේ මහාධිකරණය මඟින් ෆොන්සේකාව වරදකරුවකු කරන ලද අතර වැරැදි කිහිපයකට යුද අධිකරණය හමුවටද පමුණවා ඇත.
වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහු නිදහස් කිරීමට යුද හමුදාපතිවරයාගේ අනුමැතිය නොමැතිව හෝ අවසරය නොමැතිව කිසිදු හමුදා කණ්ඩායමක් ක්‍රියාත්මක කළ නොහැකි හෙයින් වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකාගේ සම්බන්ධය ගැන හැඟවීමත් ඇති හෙයින් ඔහු ඉන් නිදහස් කළ නොහැකිය.වර්තමානයේදී ෆොන්සේකා ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්වී සිටියි.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment